විදෙස්ගත ශ්‍රමිකයින්ට සතුටු හිතෙන සුබ ආරංචියක් - රජය ගත් අලුත්ම තීරණය මෙන්න..
විගමනික ශ්‍රමිකයින්ට නීත්‍යානූකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වි ඇත.
ඒ අනුව ඔවුන්ට අමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, අමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීමට සඳහා පහසුකම් සැපයේ.
ඒ අනුව 2023.04.30 වන දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීමට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආයනයට අවසර ඇත.
2022.05.04 වන දින සිට 2023.12.31 වන දින දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා ද අවසර හිමිව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |