ගේබ්‍රියෙල් දැඩි බලපෑම් එල්ල කරයි - හදිසි තත්ත්වය මැද කාළගුණ විද්‍යා අංශ රතු නිවේදනයක් ද නිකුත් කරයි.. පාසල්, ගමනාගමනත් වැසෙයි.. (විදෙස්)

New Zealand
By krishani Feb 13, 2023 05:32 AM GMT
krishani

krishani

in ලෝකය
Report

නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑමත් සමඟ විසි දෙදහසකට අධික පිරිසකට විදුලිය විසන්ධි වී ඇත.

මේ හේතුවෙන් නෝත්ලන්ඩ් සහ ඕක්ලන්ඩ් නගරවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

සුළි කුණාටුව හේතුවෙන් ජල ගැලීම් සහ නායයෑමේ දැඩි අවදානමක් ද පවතින බව එරට කාලගුණ විද්‍යා අංශය රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර ගමනාගමනය ද සීමා කර ඇත.කෙසේවෙතත් දුම්රිය ගමන් ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join