සුළි කුණාටුවක අවදානමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - ගුවන් ගමන් රැසක් ද අවලංගු වෙයි.. (විදෙස්)

New Zealand
By krishani Feb 12, 2023 06:42 AM GMT
krishani

krishani

in ලෝකය
Report

සුළි කුණාටුවක අවදානම් තත්වයක් හේතුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නගරවාසීන්ට හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට එරට කාලගුණ විද්‍යා අංශ දැනුම් දී ඇත.

මේ වනවිට ගේබ්‍රියෙල් නමැති සුළිකුණාටුවේ කේන්ද්‍රය නවසීලන්තයට සැතපුම් 910 ක් දකුණින් පිහිටා ඇත.

සුළි කුණාටුව හේතුවෙන් තද වැසි ඇති විය හැකි බවත් පැයට කිලෝමීටර 133ක පමණ වේගයකින් තද සුළං ද බලපෑ හැකි බවත් බලධාරීන් අනතුරු අඟවා ඇත.

ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් ද අවලංගු කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join