අලුත් අවුරුදු මගී සේවාව සඳහා විශේෂිත ප්‍රවාහන සැලැස්මක්..සිදුවන අයුරු..
train
bus
Sri Lanka
Transport
new year
By Sewvandhi
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලායන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් රථ සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියක් ද මෙම කාලය තුළ ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව, අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාව අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එහි පළමු අදියර 2022 අප්‍රේල් 08 සිට 15 දක්වා පැවැත්වෙනවා.
කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත්, බස් හිමියන් වෙත නොමිලයේ තාවකාලික මගී සේවා අවසරපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වැඩි දුරටත් සඳහන්වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |