සියල්ලන් සතුටු කරමින් Omicron වලට එරෙහිව නවතම සොයාගැනීමක්
                    
                covid19
            
                    
                Omicron
            
                    
                Vaccibe
            
                    
                Pfyzer
            
                    
                bio tec
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි නව එන්නතක සායනික අත්හදාබැලීම් ආරම්භ කළ බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් නිවේදනය කර තිබේ.
බූස්ටර් මාත්‍රාවක් වන මේ එන්නත මඟින් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට අපේක්ෂිතය.
අවුරුදු 18ත් 55ත් අතර නිරෝගී පුද්ගලයන් 1,420 දෙනෙකු යොදාගෙන සිදුකරන අත්හදා බැලීමේදී එන්නතේ ආරක්ෂාව, එහි බලපෑම, රෝගියෙකුට දරාගත හැකි මට්ටම හා ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාර මට්ටම සම්බන්ධයෙන් ඇගයීමට ලක්කෙරේ.
මේ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ හටගත් කොවිඩ් රැල්ල ඉදිරි සති කිහිපයේ තියුණු ලෙස වර්ධනය වනු ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.
ඔමික්‍රෝන් මේ වන විට ඉන්දියාවේ සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයට පත්වී ඇති අතර රෝහල් රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව සඳහන් වේ.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    