නව ඌව පළාත් ප්‍රධාන ලේකම් පත් කෙරේ
Anura Kumara Dissanayaka
Uva Province
Latest Headlines
Sinhala news
NPP Government
By R.rishma
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත්කර ඇත.
මෙම පත්වීමට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත භාර දෙන ලදී.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය, මෙම පත්වීමට පෙර බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කර ඇත.