දුම්රිය මගීන්ට සුබ ආරංචියක් - උත්සව සමයට වැඩි කළ නවතම දුම්රිය කාලසටහන මෙන්න..

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Sewvandhi Dec 22, 2022 09:48 AM GMT
Report

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කෙරෙන බවයි.

ඒ මහතා පවසා සිටියේ, හෙට (23) සිට එම විශේෂ දුම්රිය ධාවනයට එක්කෙරෙන බවය.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් ධාවනය සඳහා මෙලෙස එක්කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

මේ අතර කොළඹ කොටුවේ සිටි කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රියක් හා කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනය සඳහා එක්කර ඇත.

දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery