ත්‍රිරෝද රථයක කව්රුත්ම නොසිතූ නවතම මිල ගණන් මෙන්න..

By Sithumini Feb 21, 2025 02:11 PM GMT
Report


වාහන ගෙන්වීම සම්බන්දයෙන් මීට දින කිහිපයක සිට ආරම්භ කිරීමත් සමග වාහන මිල ගණන් පිළිබදව බොහෝ දෙනාගේ අවදානයට ලක්ව තිබෙනවා.

කොහොම වුණත් මේ වන විට ඇතැම් වාහන වල පැරණි වාහන මිල ගණන් වල යම් අඩු වීමක්ද මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.

වාහන ගෙන්වීමත් මග ඇතැම් සමාගම් තම වාහන මිල ගණන් පිළිබදව එළි දක්වා තිබෙනවා. එලෙස බජාජ් ත්‍රීරෝද රථ සඳහා මෙරට බලයලත් අලෙවි නියෝජිතායතනය වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සමාගමද සිය මිල ගණන් එළි දක්වා තිබුණා.

ඒ අනුව අලුත්ම බජාජ් ත්‍රීරෝද රථයක මිල රු. 1,995,000 ක් බව එම සමාගම පවසා තිබෙනවා.