පොලිස්පතිගෙන් හදිසියේම කරන්න හදන දේ..සියලූම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට දැනුම්දෙයි..!

Police spokesman Sri Lanka Police Good Friday Easter Attack Sri Lanka Deshabandu Tennakoon
By Sewvandhi Mar 25, 2024 04:25 PM GMT
Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවන් සඳහා කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව,මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල එළඹෙන 29 වනදාට යෙදෙන මහ සිකුරාදා දිනයට සහ 31 වනදාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

එසේම බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් පාස්කු උත්සවය වෙනුවෙන් සිදුකරන දේවමෙහෙයන්ට අදාළ ආරක්ෂක කටයුතු පිළිබඳව පෞද්ගලිකවම සොයාබලන ලෙසටද එමගින් උපදෙස් ලබාදී ඇත.

 පොලිස්පතිවරයා මෙම ආරක්ෂක සැලැස්ම යටතේ දේව මෙහෙයන් ආරම්භ කිරිමට ප්‍රථමයෙන් එම පරිශ්‍රයන් බැතිමතුන්ට හිරිහැරයක් නොවන පරිදි යම් පරීක්ෂාවකට ලක් කිරීම, දේව මෙහෙයන් සඳහා පැමිණෙන පුද්ගලයින් හා ගමන් මළු පරීක්ෂාවකට ලකිරීමට අවශ්‍ය නම් පියතුමන්ලා සහ එම දේවස්ථානවල භාරකාර මණ්ඩල සමග සාකච්ඡා කොට ඒ සඳහා සුදුසු පරිදි ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කිරිමටද උපදෙස් දී තිබේ.

මීට අමතරව මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය ත්‍රිවිධ හමුදා කඳවුරු භාර නිලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේද සහාය ලබාගැනීමට ක්‍රියා කරන ලෙසටත් පොලිස්පතිවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.