මගී ප්‍රවාහන බස්රථ සම්බන්ධයෙන් නව නීති..සිදු කරන්න යන අලුත්ම දේ..

New rules CTB Trinco Kinsli Ranavaka CColombo
By Sewvandhi Feb 20, 2022 11:07 AM GMT
Report

මගී ජනතාවගේ ජීවිත අවදානමට ලක් කරමින් සිදුවන මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

ඊයේ ත්‍රීකුණාමලය - කොළඹ පෞද්ගලික සහ ලංගම බස් රථ දෙකක් අතර ඇති වූ ගැටුම්කාරී සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් ගමනාගමන මණ්ඩලය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

"ආරවුල පිළිබඳ මේ වනවිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාර්ශවයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරනවා. ඒත් එක්කම අපි ආරක්ෂක අංශවලටත් දැනුම්දුන්නා මේ ගැන කටයුතු කරලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. අපේ විශේෂ විමර්ශන ඒකකය මඟින් ඒ ගැන පරීක්ෂණ මේ වනවිට ආරම්භ කරලා තියෙනවා. මේ ගැටලුව නිරාකරණය කරන්න නම් මේ තරඟකාරීත්වය අවම කරන්න වෙනවා.

මෙයට විශේෂ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. බස්රථවලට GPS සවිකරලා මේ බස්වල ගමනාගමනය නිරීක්ෂණය කළ යුතුයි. පෞද්ගලික බස්රථ හැමවේලාවේම පිටත්වෙන ස්ථානයෙන් ඉදිරියට ගිහින් ඊළඟ බස් හෝල්ට් එකේ නතර කරගෙන ඉන්නවා. ලංගම බස්රථය එනකල්. පටන් ගන්නවා රේස් යන්න. එය නවත්වන්න නම් නියාමනයක් කරන්න වෙනවා පෞද්ගලික බස්රථ මේ ආකාරයට පිටත් වුණාට පස්සේ ඉස්සරහට ගිහින් නවත්තගෙන ඉන්නේ නැති වෙන්න."

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද තීරණය කර තිබේ.

මෙවැනි සිද්ධීන් අවම කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now