කාන්තාවන් වෙනුවෙන් රජයෙන් අලුත්ම ව්‍යාපෘතියක්

Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Dec 10, 2022 04:13 PM GMT
Report

කාන්තාවන් දිරිගන්වමින් ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ වැඩසටහනක් ඊයේ (9) දිනයේ දී ජා ඇල ප්‍රදේශයෙන් ආරම්භ වුණා.

සිය පවුලේ ආර්ථික තත්ත්වය නගාසිටුවීමට කාන්තාවට විශාල වගකිමක් පැවරී ඇති කාලයක, කාන්තාවන් සවිබල ගැන්වීම හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි මෙහිදී අදහස් දක්වමින් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කය මූලික කරගෙන පැවැත්වෙන මෙම ව්‍යාපෘතියේ මූලික අදියර මෙලෙස ජා ඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් තෝරා ගෙන ඇරඹි අතර, ගෑස් කුකර්, ස්ටීමර්, මල් පෝච්චි, කුඩ සහිත මේස, මල් වඟාවන් සඳහා භාවිත කරන නෙට් ඇතුළු රුපියල් මිලියන 7.5 ක් වටිනා තවත් ස්වයං රැකියා උපකරණ කාන්තාවන් වෙත එහිදී බෙදා දෙනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now