නව අගමැති තනතුරට ප්‍රධාන නම් 03ක්.. තවත් නම් කිහිපයක් යෝජනා වෙයි..

Parliament of Sri Lanka Dinesh Gunawardena Dullas Alahapperuma Mahinda Rajapaksa Prime minister
By Aruna Apr 29, 2022 04:17 AM GMT
Report

යෝජිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් තුනක් යෝජනා වී ඇතැයි ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

දේශයට ලැබුණු විශ්වාස කටයුතු තොරතුරු මගින් සනාථ වූයේ එම නම් අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරැන්ගේ නම් ද ඇතුළත් බවයි.

මෙම ප්‍රධාන නම්වලට අමතරව වාසුදේව නානායක්කාර, රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ නම්ද ඇතැම් පිරිස් අග්‍රාමාත්‍ය තනතුර සඳහා යෝජනා කර ඇතැයි වාර්තා වනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති බලතල ඉවත් කරන පරිවාස ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් වන බව එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

මේ අතර සිකුරාදා සවස හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ ජනතාවගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා වරයා පුමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් විය යුතු බවයි.

එසේ ඉවත් වී පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟතාව අනුව වසරක කාලයක් සඳහා ප්‍රමාණයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් සහිත සර්වපාක්ෂික ආණ්ඩුවක් සැකසිය යුතු බව ද ඔහු විසින් යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, තමන් අගමැති ධුරයෙන් ඉවත් නොවන බවත් ජනාධිපතිවරයා එසේ ඉලීමක් කර නොමැති බවත්ය.

රට අරාජික වන තීරණ වලට තමන් සුදානම් නොමැති අතර රාජපක්ෂලා අභියෝග වලින් පලා නොයා අභියෝග වලට මුහුණ දෙමින් රට ගොඩ නගන බවට අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now