ජනාධිපතිගෙන් නව ප්‍රතිපත්ති ප්‍රකාශයක්..
නව පාර්ලිමේන්තු සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ, කල් තැබිමේ විවාදය ලබන 19 සහ 20 දෙදින පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ, අද (11) පෙරවරුවේ, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ය.
ලබන 18 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තු නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නැයි, එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී, රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දා ඉල්ලිමක් කළේ ය.
ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමිනි. පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ ය. ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ආරම්භ කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |