නව පාස්පෝට් ලබා ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka
Passport
By Sewvandhi
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බවයි.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
අදාල රැස්වීමට සහභාගි වූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ ජූනි මස 01 වැනිදා සිට එය ක්‍රියාත්මක වන බවයි.
එම නිලධාරීන් පෙන්වා දී ඇත්තේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |