ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් නවතම වෙබ් අඩවියක්..
පාර්ලිමේන්තුව නවතම වෙබ් අඩවියක් ජනගත කර තිබෙනවා.ඒ පාර්ලිමේන්තුවේ ජාතික සභාවට අනුබද්දව පිහිටුවා ඇති ආර්ථික ස්ථායිකරණ අනු කමිටුවට අදාළ තොරතුරු ජනතාව සමඟ සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇතිවයි.
පාර්ලිමේන්තුවේ කටයුතු, දියවන්නාවෙන් ඔබ්බට ගෙන යාමේ පියවරක් ලෙස මෙම ඩිජිටල් වේදිකාවට විශේෂයෙන්ම තරුණ ප්‍රජාව සම්බන්ධ කර ගැනීම අරමුණ වන බව මේ සඳහා සම්බන්ධ වෙමින් ආර්ථික ස්ථායිකරණ අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ.
අදියර 4ක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම වෙබ් අඩවිය මගින් ජනතාවට, ආර්ථික ස්ථායිකරණ අනුකමිටුව ඔස්සේ සිදුකරණ කටයුතු පරිශීලනය කිරීමේ හැකියාව මෙන්ම කමිටුව මගින් යොමුකරනු ලබන ප්‍රශ්නාවලිය සඳහා පාර්ලිමේන්තු වෙබ් පිටුව හා ලියාපදිංචි වීම තුළින් පිළිතුරු සැපයීමේ හැකියාවැඩ පවතිනවා.
මෙම පද්ධතිය පාර්ලිමේන්තු ප්‍රධාන වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන අතර කිසිදු බාහිර මෘදුකාංගයක් මගින් සම්බන්ධ වීමට අවශ්‍ය නොවන බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |