අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (16) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
නාවික හමුදාපති ධුරයට පත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමිය සහ අභිනව නාවික හමුදාපතිවරයා අතර පැවැති පළමු නිල හමුව මෙය වේ.
මෙහිදී ජාතික ආරක්ෂාව සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සහ ජාතික අභිවෘද්ධිය සඳහා වන සහයෝගීතාව පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ලැබීය.
අභිනව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළ අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සීමා ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් නාවික හමුදාව ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගය කළාය. එමෙන්ම නව ධුරයේ රාජකාරි සාර්ථකව ඉටු කිරීමට ද සිය සුබාශිංසන එක් කළාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ද එක්ව සිටියේය.


