නව කැලණි පාලම වසා දැමේ - විශේෂ නිවේදනයක්..!

By Sewvandhi Nov 30, 2023 02:10 PM GMT
Report

කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.

ඒ අනුව දෙසැම්බර් 01 වනදා සිට 04 වනදා දක්වා, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වා, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින්..

GalleryGallery