රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට ජනපතිගෙන් සුබ ආරංචියක්..ඉදිරි වසරේදි කරන්න යන දේ...
ලබන වසරේ සිට තරුණ තරුණියන්ට රැකියා ලබා දීමේ වැඩසටහනක් ලබන වසරේ සිට ක්‍රියාතමක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකර දීමේ අරමුණින් බවයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ. ඔහු මේ බව කියා සිටියේ යාපනය වාලම්පූරි හෝටලයේ අද (02) පැවති තරුණ හමුවට එක් වෙමින්.
විශේෂයෙන්ම කොවිඩ් වසංගතය සහ ආර්ථික කඩා වැටීම හමුවේ ඉකුත් වසර 04 පුරා මෙරට තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට නොහැකි වූ බව ඔහු එහිදී අවධාරණය කළා.
ඒ අනුව රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමෙන් පසුව නව රැකියා අවස්ථාවන් බිහි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම තරුණ තරුණියන්ගේ අපේක්ෂාවන් ජනපතිවරයා අමතක කර නොමැති බවද ඔහු එහිදි වෑඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම පවත්නා අර්බුදකාරි වාතාවරණය හමුවේ වුවද ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මේ වසරේ රජය මුදල් වෙන් කළ බවද ජනපතිවරයා ප්‍රකාශ කළා.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%