ඉරිදා දින වාහන භාවිතා නොකරන්න..සතියේ දින 03ක් නිවසේ සිට වැඩ කරන්න..තවත් සීමා රැසක් සමග නව ප්‍රතිපත්ති මාලාව මෙන්න.

Sri Lanka World Vehicles No vehicles on Sunday New guidelines
By Aruna Mar 19, 2022 11:05 PM GMT
Report

පවතින ලෝක බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීම සඳහා තාවකාලික විසඳුම් අඩංගු යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්තිය ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම යෝජනාවලිය මෙසේය.

අධිවේගී මාර්ගවල වේග සීමා අවම වශයෙන් පැයට කිලෝමීටර 10 කින් අඩු කරන්න.

හැකි සෑම විටම සතියේ දින තුනක් දක්වා නිවසේ සිට වැඩ කරන්න.

ඉරිදා දිනය නගර වාහනවලින් තොර කරන්න.

පොදු ප්‍රවාහනය භාවිතා කිරීම ලාභදායී කරන්න සහ පා ගමනින් ඇවිදීම සහ බයිසිකල් පැදීම දිරිමත් කරන්න.

විශාල නගරවල මාර්ගවල පෞද්ගලික මෝටර් රථ වෙනුවට විකල්ප යොදන්න.

ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා මෝටර් රථ තවත් අය සමග බෙදාගැනීම.

භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ සහ භාණ්ඩ බෙදා හැරීම සඳහා කාර්යක්ෂම රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම.

හැකි සෑම විටම ගුවන් යානා වෙනුවට අධිවේගී සහ රාත්‍රී දුම්රිය භාවිතා කිරීම.

විකල්ප පවතින ව්‍යාපාරික ගුවන් ගමන් වලින් වළකින්න.

විද්‍යුත් සහ වඩා කාර්යක්ෂම වාහන භාවිතය දිරිමත් කිරීම.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now