ගෑස් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක් නිකුත් වෙයි.

By Sewvandhi Jan 12, 2022 09:59 AM GMT
Report

එල්.පී. ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරමින් ආනයන හා අපනයන පාලකවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව එල්.පී. ගෑස් ආනයනය, ගෑස් සිලින්ඩර, රෙගියුලේටර් සහ වෑල් ආදි සියලුම දේවල් සම්බන්ධයෙන් ආනයනය සහ බෙදාහැරීමේ ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට හිමිවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now