ඉහළ ගිය ඉන්ධන මිල සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..!
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ දී සිපෙට්කෝ තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙනුයි, අමාත්‍යවරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66 වගන්තිය ප්‍රකාරව බලශක්ති අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව 2022 මාර්තු මස 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරුණේ.
මෙම නව මිල සංශෝධනය ප්‍රකාරව පෙට්‍රල් 92 වර්ගයේ පවතින මිල වන රුපියල් 177 අභිබවා නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 254ක් ලෙසයි.
රුපියල් 207ක් වූ පෙට්‍රල් 95 රුපියල් 283ක් දක්වාත්, ඔටෝ ඩීසල් මිල රුපියල් 121 පැවතිය ද, එය රුපියල් 176 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
සුපර් ඩීසල් පූර්ව මිල දැක්වුණේ රුපියල් 159ක් ලෙස වන අතර, නව මිල වන්නේ රුපියල් 254ක් බවයි මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |