හදිසි අවස්ථාවක් ප්‍රකාශ කරමින් ජනාධිපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..!

By Sewvandhi Apr 01, 2022 06:20 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැස්ට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදියි.

එම අතිව්ශේෂ ගැසට් නිවේදනයට අනුව ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව යටතේ සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වා ගෙන යෑන සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් 1959 අංක 08 දරණ පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 06 දරණ පනතින් සහ 1988 අංක 28 දරණ පනතින් සංශෝධිත (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනතේ 02 වැනි වගන්තියෙන් තම බලතල ප්‍රකාරව අප්‍රේල් 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක වනු ඇති.

එම නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery