හදිසියේම විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..සියලු විස්තර මෙන්න..

gazette Sri Lanka Gotabhaya Rajapaksha Gamini senarath
By Sewvandhi Feb 12, 2022 01:59 AM GMT
Report

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට සඳහන් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අණ පරිදි , ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.  

2022.02.11 දින අංක 2266/55 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව පහත සඳහන් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

1 - විදුලි බල සැපයුම. 

2 -  රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


Gallery