ලංකාවේ අලුත්ම තත්ත්වය ගැන ලෝක බැංකුවෙන් පැහැදිලි කිරීමක්..

World Bank Ministry of Finance Sri Lanka Financial crisis Economy of Sri Lanka
By Sewvandhi Apr 02, 2024 10:54 AM GMT
Report

ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ, 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ සලකුණු පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතළ ආර්ථික පසුබෑමෙන් පසුව මෙම තත්ත්වය දැකිය හැකි බවයි, ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

නමුත්, රට තුළ තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළෙඳපොළ ගැටලු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි.