ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුල් පුටුව වෙනස් වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) ලෙස රේණුකා එම් වීරකෝන් මහත්මිය පත් කර තිබෙනවා.
අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම අද (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කළ බවයි ඔවුන් නිවේදනය කළේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු රාජා එදිරිසූරිය,අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන මහත්වරුන් එක් වුණා.
වීරකෝන් මහත්මිය වසර 27 කට වැඩි කාලයක් ආයෝජන මණ්ඩලයේ සේවය කර ඇති අතර, ප්‍රධාන දෙපාර්තමේන්තු ගණනාවක ජ්‍යෙෂ්ඨ තනතුරු දරමින් සිය සේවය ප්‍රශංසණිය ලෙස ආයතනය වෙත ලබා දි තිබෙනවා.
අධ්‍යක්ෂ ජනරාල්වරිය විමට පෙර ව්‍යාපෘති අධීක්ෂණ විධායක අධ්‍යක්ෂ ලෙසත්, ඊට පෙර ආයෝජන සහ ප්‍රවර්ධන විධායක අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |