රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙක් අක්තපත්‍ර භාර භාරදෙයි

Anura Kumara Dissanayaka President of Sri lanka Sinhala news
By Kanchana Nov 13, 2025 11:11 AM GMT
Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ අක්තපත්‍ර භාර දී ඇත.

කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාරි කැතරින් මාටින් මහත්මිය, නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජැකෝබ් ඩී බෝයර් මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් මහතා මෙලෙස අක්තපත්‍ර භාර දී තිබේ.

ඇල්ජීරියානු මහජන ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ තානාපති ඇබ්ඩනෝර් හොලිෆි , අයිස්ලන්ත ජනරජයේ තානාපති බෙනඩික්ට් හස්කුල්ඩ්සන් යන මහත්වරුන් ද මෙලෙම අක්තපත්‍ර භාර දී තිබේ.

ජනාධිපතිවරයා විසින් එම පිරිසට උණුසුම් සුබපැතුම් එක් කර ඇත.

ඒ වගේම එම පිරිසට ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට එක්ව කටයුතු කරන ලෙස ජනපති විසින් ආරාධනා කර තිබේ    .