කාර්යාල වේලාවන් වෙනස් කිරීමට පියවර..හෙට දිනයේ ගැනීමට නියමිත තීරණය..

By Sewvandhi Feb 20, 2022 01:41 PM GMT
Report

කාර්යාලවල රාජකාරී ආරම්භ කිරීමේ වේලාවන්හි වෙනසක් සිදුකළ යුතු ද යන්න පිළිබඳ හෙට (21) පැවැත්වෙන ජාතික කම්කරු උපදේශක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිත බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ රථවාහන තදබදය අවම කිරීමේ පියවරක් ලෙස කාර්යාල වේලාවන් සංශෝධනය කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් හෙට දිනයේ දී සාකච්ඡා කිරීමට නියමිත බවය.

ජාතික කම්කරු උපදේශක සභාව හෙට පස්වරුවේ කම්කරු අමාත්‍යාශයේ දී රැස්වේ.

මෙහිදී සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට එම අරමුදලින් සියයට 30 ලබාගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරෙන බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය.

එමෙන්ම මූල්‍ය සේවා මත වැට් බදු පැනවීම හා අධිභාර බද්ද සම්බන්ධයෙන් එහිදී වෘත්තීය සමිති විසින් අදහස් දැක්වීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now