රාත්‍රී සමාජ ශාලාවලට මොකද වෙන්නේ..? තීරණය මෙන්න..

vaccination night club Ruwan Vijayamuni health guild lines qurrantine
By Sewvandhi Feb 02, 2022 11:22 AM GMT
Report

කොළඹ නගර සීමාවේ රාත්‍රී සමාජ ශාලා විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනතුරුත් නිසි අනුමැතියක් ලබාදී නොමැති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (02) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

"විශේෂයෙන්ම නයිට් ක්ලබ් වගේ නැත්වල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට දරන්නාවූ ප්‍රයත්නයන් ඉතාමත්ම අවම බව වැටහෙනවා."

"අනුමැතියක් ලබාදීලා නෑ නයිට් ක්ලබ්වලට අපි වහන්න කියලා කිව්වට පස්සේ අරින්න කියලා මේ වනතුරුත්. ඒ සඳහා විශේෂ අනුමැතියක් දීලා නෑ. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න හැකියාව තියෙන්නේ ශ්‍රී ලංකා පොලීසියට."

"ඒ වගේම පරිසර පොලීසිය සමග පොදු ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිපරිදි ක්‍රියාත්මක කරනවා ද කියලා හොයා බලන්න කටයුතු කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now