නව අමාත්‍යවරුන් කිහිපදෙනෙක් දිවුරුම් දෙයි....සම්පූර්ණ විස්තරය මෙන්න.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම දැන් සිදුවෙමින් පවතිනවා.
ඒ අනුව නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පමණ දිවුරුම් දී තිබෙන බවට වාර්තා වනවා.
ඒ අනුව මුදල් අමාත්‍ය ධූරය හිටපු අධිකරණ අමාත්‍ය අලි ශබ්රිට හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව මහාමාර්ග අමාත්‍ය ධුරය හිටපු අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ටත්, අධ්‍යාපන අමාත්‍ය ධූරය එම ධුරය දැරු දිනේෂ් ගුණවර්ධනටත් හිමිවී තිබෙනවා.
මීට අමතරව දිවුරුම් දී ඇති අනෙක් අමාත්‍යවරයා වන්නේ මහාචාර්ය ජී එල් පීරිස්. ඔහු විදේශ අමාත්‍ය ධූරයේ නැවත වරක් දිවුරුම් දී තිබෙනවා.
මීට අමතරව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තවදුරටත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට මේ ලබා දී ඇති අතර, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තවදුරටත් කටයුතු කරන්නේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.
දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසුවේ, ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කරන තුරු මෙම අමාත්‍ය ධුර තාවකාලිකව පත් කර ඇති බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මුදල් අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා පත් කර ඇත්තේ රටේ මෙහෙයුම් කටයුතු සඳහා බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |