මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්..සිදුකළ අලූත්ම දේ..(PHOTOS)

By Sewvandhi Feb 22, 2022 09:42 AM GMT
Report

අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200ක් ප්‍රතිසංස්කරණය කර යළි ධාවනයට එක් කිරීම අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 

 වාහන ආනයනය සීමා කිරීමත් සමග බස් රථ ගෙන්වීම ද අත්හිටවනු ලැබූ අතර එහිදී ඇති වූ බස්රථ හිඟයට හා විනිමය ඉතිරි කිරීමට පිළියමක් ලෙස අබලන්ව ධාවනයෙන් ඉවත් කළ බස් රථ අලුත්වැඩියාවට පියවර ගෙන තිබෙනවා.

එහි පළමු අදියර යටතේ බස් රථ 273ක් අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී සිදු කෙරුණා.

දිවයින පුරා පිහිටි ඩිපෝ 107ක සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කළ බස් රථ 200ක් දෙවන අදියර යටතේ අලුත්වැඩියා කෙරුණු අතර ඊට වැය කළ මුදල රුපියල් මිලියන 136ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGallery