නව බස් ගාස්තු ක්රියාත්මක නොකරන බස් රථ රියැදුරන්ට රතු එළියක්. - බලතල සියල්ල මඟීන්ගේ අතට.
Private Bus Owners Association
Srilanka Bus
By Wayomi
නියමිත මුදල ඉක්මවා බස් ගාස්තු අය කරන බස් රථ සොයා අද සිට වැටලීම් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.
එහි සැලසුම් අධ්යක්ෂ කේ එස් සී කරුණාරත්න කියා සිටියේ, එවැනි බස් රථ සම්බන්ධයෙන් මගීන්ට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 259 5555 දුරකථන අංකයට WhatsApp මඟින්ද පැමිණිලි යොමු කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.