වැක්සින් 3ම ගත්ත අයට ලැබෙන දේ!
                    
                Vaccination
            
                    
                Covid19
            
                    
                Keheliya Rambukwella
            
                    
                Omicron
            
                    
                Digital App
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වාදීමට රජය සැරසෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඉදිරියේදී කොවිඩ් එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බව ඔහුයි පවසන්නේ.
මේ අතර,සේවක සේවිකාවන් 500 ට වැඩිය සිටින ආයතනවලට ගොස් කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ලබාදීමේ ජංගම සේවයක් අරඹන බව කොවිඩ් සම්බන්ධීකාරක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය .
ඇතැම් පිරිස් දෙවෙනි මාත්‍රාව ලබා නොගෙන මග හරින තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ වෛද්‍යවරයා සමාජයේ පැතිර ඇති විවිධ මිථ්‍යා මත මීට බලපා ඇතැයිද ප්‍රකාශ කළේය.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 
 
                 
                 
                                             
        
     
     
     
     
    