නව දේශපාලන පක්ෂ 03ක් ලියාපදිංචි කෙරේ..නවතම පක්ෂ මෙන්න.
sri lanka
politics
new party
Election commision
By Sewvandhi
2021 වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචිය සදහා ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍ර අතරින් පක්ෂ 03 ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව තමිල් මක්කල් කුට්ටනි / නව ලංකා නිදහස් පක්ෂය / දමිල ප්‍රගතශිලි සන්ධානය යන දේශපාලන පක්ෂ මෙලෙස ලියාපදිංචි කර තිබෙනවා.
ඒ අනුව අදාල නම් ගැසට් නිවේදනයට ඇතුලත් කෙරෙන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කලේ. 2022 වසරේ දේශපාලන පක්ෂ ලියාපදිංචිය සදහාද මේ වන විට අයදුම්පත් කැදවා තිබෙනවා.
නොකඩවා සභාවාර 3 ක් හෝ දින 90 ක් සභා රැස්වීම් සදහා නොපැමිණිම නිසා සභික ධුරය අහිමි වු පළාත් පාලන ආයතනවල යම් සභිකයෙක් නැවත එම සභා කාලය තුල පත් සභික ධුරයක් සදහා පත් කිරිම පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් ආඥා පණථ අනුව කළ නොහැකි බවටයි කොමිසම තීරණය කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |