අලුත්ම විස්සේ කාසිය ජනපති අතට..(PHOTOS)
central bank
President
Coin
Gotabhaya Rajapaksha
Ajith Nivad Kabral
By Sewvandhi
මුහුණත වටිනාකම රුපියල් 20කින් යුත් සංසරණ සම්මත සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහභාගිත්වයෙන් අද (21) සිදුවුණා.
ඒ, ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය නිමිත්තෙන්.
නිකල් ආලේපිත වානේ කාසියක් වන මෙය පැති 7ක හැඩයකින් යුක්ත වන අතර විශ්කම්භය මිලි මීටර් 28කින් හා ගනකම මිලි මීටර 2කින් යුක්තයි. සංසරණය සඳහා කාසි ලක්ෂ විස්සක් නිකුත් කෙරෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |