අද දින ජනතාවට විවර වන නෙළුම් කුළුණ - ප්‍රවේශපත් ගාස්තු මෙතනින්..පාසල් ළමුන්ට හා විදේශිකයන්ට ගාස්තු වෙනස්වෙයි.. (PHOTOS)

Colombo Sri Lanka
By Sewvandhi Sep 15, 2022 02:30 AM GMT
Report

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන "නෙළුම් කු‍ළුණ" අද (15) සිට ජනතාවට විවෘත කෙරේ. ඒ අනුව සෑම දිනකම පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා නෙළුම් කුලුන නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව අදාළ සමාගම පැවසුවේය. 2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින එම කටයුතු අවසන් කෙරුණි.

අමෙරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න වියදමකින් ඉදි වූ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කිරීමත් සමග ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම කටයුතු යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ විධායක නිලධාරී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා,

"අද නෙළුම් කුලුන පස්වරු 2ට මහජනතාව සඳහා විවෘත කරනවා. එහිදී මහජනතාව සඳහා රු 500 ප්‍රවේශ පත්‍රයක් හා අවුරුදු 10ට අඩු ළමුන් සඳහා රු 200ක ටිකට් පතකුත් දැනට නිකුත් කරනු ලබනවා. සති අන්තයේ දහවල් 12 සිට රාත්‍රී 10 දක්වාත් විවෘත කිරීමට නියමිතව තියෙනවා. විදේශිකයින් පෝලිමේ ඉන්න ඕනේ නෑ. ඒ අයට ඩොලර් 20ක ටිකට් පතක් අරන් ඕනේම වේලාවක එන්න පුළුවන්."

මේ අතර පාසල් ළමුන් සඳහා නෙළුම් කුලුන නැරඹීමට ලබා දී ඇති අවස්ථාව සම්බන්ධයෙන් මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ‍මෙලෙස පැහැදිලි කළේය.

"පාසල් ළමුන් සඳහා අපි අවස්ථාව ලබාදීලා තියෙනවා නෙළුම් කුලුන සංවිධායක මණ්ඩලය රු 200 ටිකට් එක. නමුත් පාසල්වලින් ඉල්ලීමක් කළ යුතුයි නෙළුම් කුලුන බැලීම සඳහා සංවිධානාත්මකව පැමිණිය යුතුයි. උදේ 9 සිට දහවල් 2 දක්වා. ඒ සඳහා අවසර ලබාදෙනවා. අපෙන් ඉල්ලීමක් කළ යුතුයි. ඒකට අපි වැඩසටහනක් හදලා වේලාව දීලා අවසරය ලබාදෙනවා. ඊළඟ සතියේ සිට එය ක්‍රියාත්මක කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery