මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් පසු සියලු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් හෙට

Department of Prisons Sri Lanka Prisons in Sri Lanka Prison Harshana Nanayakkara Sinhala news
By R.rishma Jul 07, 2026 07:42 AM GMT
Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිවයිනේ සියලු බන්ධනාගාරවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශේෂ රැස්වීමකට කැඳවා තිබේ.

අදාළ රැස්වීම හෙට (08) පෙරවරු 7.30ට පැවැත්වීමට නියමිත බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ එවැනි සිදුවීම් යළිත් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවල පවතින තත්ත්වයන් පිළිබඳවද සමාලෝචනය කර, ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.