නාවික හමුදාපති සහ කොළඹ අගරදගුරු හිමිපාණන් අතර සුහද හමුවක්
Cardinal Malcolm Ranjith
Sri Lanka Navy
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (12) කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබාගෙන තිබේ.
ඒ අනුව, නාවික හමුදාපතිවරයා කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගොස් කාදිනල් හිමිපාණන් හමුවී ඇත.
මෙම හමුවේදී ජාතික ආරක්ෂාව සහ ආගමික සංහිඳියාව වෙනුවෙන් නාවික හමුදාව ලබාදෙන දායකත්වය අගරදගුරු හිමිපාණන්ගේ ඇගයීමට ලක්ව තිබේ.
එමෙන්ම, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා නාවික හමුදාපතිවරයා ඇතුළු සමස්ත නාවික හමුදාව වෙත කාදිනල් හිමිපාණන් විසින් ආශිර්වාද ප්‍රාර්ථනා කර ඇත.