සාර්ථක ප්‍රතිපල ලබාදෙන ස්වභාවික Deodorants වර්ග 4ක්.
දහඩිය දැමීම සහ ඒ නිසා ඇති වන දුර්ගන්ධය පාලනය කරන්න හැමෝම වගේ දැන් Deodorant එකට හුරුවෙලා. නමුත් ඔබට මතක ඇති අපි කලින් ලිපියකින් සඳහන් කළා නිරන්තරයෙන්ම Deodorant භාවිතා කිරීම නිසා ඇති විය හැකි අතුරු ආබාධ ගැන. ඉතින් අද කියන්න යන්නේ ඒ අතුරු ආබාධ වලින් වැළකෙන්න ස්වභාවික Deodorant ගෙදරදීම හදාගන්න විදිහ ගැන. ඔබට Deodorant අත හරින්නම බැරි නම් එය පාවිච්චි කරන අතරතුර හෝ මෙම ස්වභාවික Deodorants භාවිතා කරන්න පුරුදු වෙන්න.
1. බේකින් සෝඩා
බේකින් සෝඩා මඟින් තෙතමනය උරා ගන්නා අතර දහදිය දැමීම පාලනය වෙනවා. ඒ වගේම එමගින් බැක්ටීරියා ක්‍රියාකාරිත්වය පාලනය කෙරෙනවා.
භාවිතා කරන ආකාරය
🌷 ඔබට අවශ්‍ය නම් බේකින් සෝඩා කුඩු දහදිය දමන අත් යට ආලේප කරන්න පුළුවන්.
🌷 නැත්නම් බේකින් සෝඩා ජලය සමඟ මිශ්‍ර කර දුගඳ හමන ස්ථානයන්හි ආලේප කර විනාඩි 10-15ක් පමණ තබා සෝදා දාන්න.
🌷 වඩා හොඳ ප්‍රථිපල සඳහා සති කිහිපයක් දිනපතා ආලේප කරන්න.
2. කෝන් පිටි
කෝන් පිටි වල බැක්ටීරියා නසන ගුණාය ඇති අතර තෙතමනය ඇතිවීම පාලනය කරනවා.
භාවිතා කරන ආකාරය
🌷 ඔබගේ අත් යට හෝ දහදිය දමන ස්ථානවලට කෝන් පිටි (බඩඉරිඟුපිටි) ආලේප කර තබන්න. නාන විට හෝ ඇඟ සෝදන විට සෝදා හරින්න.
🌷 මෙය ස්වභාවික Deodorant එකක් ලෙස ක්‍රියා කරන අතර දිනපතා වුවද ආලේප කල හැකියි.
3. රෝස වතුර
රෝස වතුර ස්වභාවික ඇස්ට්රිජනයක් (astringent) හේතුවෙන් සමෙහි සිදුරු වල ප්‍රමාණය කුඩා කිරීමට උපකාරි වනවා. දහදිය දැමීම පාලනය කරනවා.
භාවිතා කරන ආකාරය
🌷 මුලින්ම රෝස වතුර මේස හැඳි 3ක් සහ ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1ක් ගන්න
🌷 ඇපල් සයිඩර් විනාකිරි සහ රෝස වතුර එකට මිශ්‍ර කර කුඩා බෝතලයකට දාලා මිශ්‍ර කරගන්න.
🌷 ඉනපසු අවශ්‍ය විටදී දහදිය දමන ස්ථානවලට ස්ප්‍රේ කරන්න.
🌷 සාර්ථක ප්‍රතිපල සඳහා දිනපතා භාවිතා කරන්න.
4. ඇපල් සයිඩර් විනාකිරි
ස්වභාවික ආම්ලික ගුණයෙන් යුතු ඇපල් සයිඩර් විනාකිරි මගින් දුගඳ ඇතිකරනු ලබන බැක්ටීරියා විනාශ කරනවා.
භාවිතා කරන ආකාරය
🌷 පුළුන් බෝල ඇපල් සයිඩර් විනාකිරි වලින් පොඟවා ගන්න.
🌷 පසුව අත් යට සහ අනෙකුත් දහදිය දුගඳ හමන ස්ථානවල ආලේප කරන්න.
🌷 නැත්නම් ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප භාගයක් වතුර කෝප්ප එකක් සමඟ මිශ්‍ර කර Deodorant එකක් ලෙස සකස් කරගන්නත් පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |