“මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය” අද සිට ඇරඹේ

Sri Lanka Kids Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 14, 2026 06:28 AM GMT
Report

ශාරීරික, මනෝ-සමාජීය සහ බුද්ධිමය වශයෙන් පරිපූර්ණ මුල් ළමාවිය දරු පරපුරක් මෙරට තුළ බිහි කිරීමේ අරමුණින් “මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය” අද (14) සිට ආරම්භ වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

‘විකසිත වන ළමා ලොවට හිරු කිරණකි සතුට පවුල’යන කාලීන තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී ජාතික සතිය අද සිට ලබන 20 වන දින දක්වා රට පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කරන පරිදි, මෙම ජාතික සතියට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති ප්‍රජාවක් සමාජය තුළ ගොඩනැඟීමත්, දරුවන් වෙනුවෙන් ලබාගත යුතු ගුණාත්මක සේවාවන්හි වැදගත්කම දෙමාපියන් සහ වැඩිහිටියන් වෙත පැහැදිලි කර දීමත් මෙම සමස්ත වැඩපිළිවෙළෙහි ප්‍රධානතම අරමුණක් බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

පෙර පාසල් දරුවන්ගේ ඇඳුම් පැළඳුම් ගැන දෙමව්පියන්ට විශේෂ ඉල්ලීමක්

පෙර පාසල් දරුවන්ගේ ඇඳුම් පැළඳුම් ගැන දෙමව්පියන්ට විශේෂ ඉල්ලීමක්

දශකයකදී මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට අධික ප්‍රමාණයකින් පහළට

දශකයකදී මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව ලක්ෂයකට අධික ප්‍රමාණයකින් පහළට