ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිගේ ජීප් රථය නිසා පැය 8ක් අධිවේගය වැසුණු හැටි. - (VIDEO)

Sri Lanka Police Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Nov 16, 2023 08:42 AM GMT
Report

ඊයේ (15) රාත්‍රියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ආපදාවට ලක් වීමත් සමඟ අධිවේගයේ රිය අනතුරක් සිදුව තිබෙනවා.

ඔහු තම වාහනයේ ඇති වූ දෝෂයක් මත දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 20 කළුතර උතුර හුණුපිටිය ප්‍රදේශයේ නතර කර තිබී ඇත.

එම අවස්ථාවේ දී ලී කුඩු පැටවූ ලොරියක් වෛද්‍යවරයා ගේ ජීප් රථයේ ගැටීමෙන් ලොරිය මාර්ගය හරහා පෙරළී ඇති අතර, ඒ හේතුවෙන් අධිවේගී මාර්ගය පැය 08ක කාලයක් වාහන ධාවනය කිරීමට නොහැකි ව වසා දමා තිබුණා.

මෙම අනතුරින් වෛද්‍යවරයා ගේ පවුලේ අයට කිසිදු හානියක් සිදුව නොමැති අතර ලොරියේ රියදුරු ගේ හිසට තුවාල සිදු වී තිබෙනවා.

ඒ, අනුව ඔහු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව හිසට මැහුම් හයක් යොදා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

පොලිසිය සැක පළ කරන්නේ, ලොරි රියදුරුට නින්ද යාම හේතුවෙන්, මෙම අනතුර සිදුව ඇති බවයි.