මම කරන විලාසිතා ගොඩක් කට්ටිය විවේචනය කරනවා, ඒ හැමදේම සතුටින් බාර ගන්නවා - සුරූපි නිළි නතාෂා (PHOTOS)

By Sithumi Oct 29, 2022 05:06 PM GMT
Report

නිවේදිකාවක්, නීතිඥවරියක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක් විදියට හැමෝම හදුනන කෙනෙක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ‘සුළගක් වී මං යනවා’ ගීතයෙන් හදුනාගත්ත ඒ කුඩා දියණිය අද වන විට රටම දන්න දක්ෂ චරිතයක් වෙලා

. ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ කාලෙන් කාලෙට ජීවත් වෙන නතාශා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නීතිඥවරියක් කියන ක්ශේෂ්ත්‍රයන්ගෙන් හදුන්වලා ඉන් එහාට සුරූපිනියක් කියලත් අනිවාර්න්ම කියන්නට හැකි ඉතා සුන්දර රූ සපුවක් ඇයට තියෙනවා. ඉතින් රටවල් දෙකක ජීවත් වෙන නතාශා ඇගේ රූප සුන්දරත්වය වැඩි දියුණු කරගන්නට විකාසිතාවන් අනුගමනය කරනවා.

පොඩි කාලේ ඇගේ අම්මගෙන් පටන් ගත්තු විලාසිතා කිරීමේ හැකියාව නිසා අද වන විට නතාශ කරන විලාසිතා අනුගමනය කරන ලොකු පිරිසක් අපේ රටේ ඉන්නවා. ඉතින් විලාසිතා ගැන නතාශා පෙරේරා දැක් වූ අදහස් කිහිපයක් පහතින්. ” මම හැම වෙලේම විලාසිතා ගැන අවධානයෙන් ඉන්නේ. ඇදුම් පැළදුම්, ආභරණ, හෙයාර් කලර් මෙ හැම දේම ගැන මම ගොඩක් හොදින් හිතනවා.

හොද විලාසිතාවක් කලාම කය සතුටින් වගේම මනසත් සතුටින් තියන්න පුලුවන්. මම කරන විලාසිතා ගොඩක් දෙනෙක් අගය කරනවා වගේම අනුකරණය කරනවා. හැබැයි සමහරක් දෙනා විවේචනයත් කරනවා. ඔය මොන දේ වුණත් මම ඒ හැම දේම සතුටින් භාර ගන්නවා. පිට රටවල් වල සුවද විලවුනුත් තමන්ගේ විලාසිතාවල කොටසක් බවට පත් කරගෙන තියෙනවා.

අපි කරන විලාසිතා වලින් කෙනෙක්ව මනින්න බෑ. මොකද මම උසාවි යන්නේ සුදු සාරි ඇදලා, මියුෂිකල් එකකට යන්නේ වෙනස්ම ඇදුමක් ඇදලා. අපි සහභාගිවෙන තැන අනුව අපේ විලාසිතා වෙනස් වෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් අපේ විලාසිතාවලින් අපිව මනින්න බෑ.”

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery