ගෝලීය උණුසුම ගැන නාසා ආයතනයේ අලුත්ම වාර්තාව.

NASA Weather World
By Wayomi Aug 16, 2023 11:11 AM GMT
Report

පසුගිය ජුලි මාසය උණුසුම අධිකම මාසය බව නාසා ආයතනය පවසනවා.

ඒ 1980 වසරින් අනතුරුවයි.

ගෝලීය උෂ්ණත්වය අනුව පසුගිය ජුලි මාසය සෙසු ජුලි මාසවලට සාපේක්ෂව ෆැරන්හයිට් අංශක 0.43කින ඉහල ගොස් ඇති බවයි නාසා විද්‍යාඥන් පවසන්නේ.

උතුරු ඇමරිකාව පුරා ඇවිලෙන ලැව්ගිනි, සුලිකුණාටු,පෘතුවිය පුරා තාප තරංග අඛණ්ඩව පැතිර යාම මෙලෙස ගෝලීය උණුසුම ඉහල යාමට බලපා ඇත.

නාසාහි අභ්‍යවකාශ අධ්‍යයන සඳහා වූ ගොඩාඩ් ආයතනයේ අධ්‍යක්ෂ Gavin Schmidt පවසන්නේ, මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසවල සියලු ප්‍රතිවිපාක කෙරෙහි අභ්‍යවකාශ ඒජන්සිය අවධානය යොමු කර ඒවායේ බලපෑම් අවම කිරීමට උපකාර කල හැකි ක්‍රම සොයමින් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ජුලි මාසය වාර්තාගත උණුසුම්ම නිරපේක්ෂ මාසය වූ අතර, එය වසර දහස් ගණනක් ඈතට දිවෙන වාර්තාවක් වනු ඇති බවයි.