දින 25 ක සඳ මෙහෙයුමෙන් පසු "ඔරායන්" පෘතුවියට ගොඩ බෑ හැටි. (VIDEO)
                                    
                    NASA
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ‘ආර්ටිමිස් 1‘ පුහුණු මෙහෙයුම යටතේ සඳ ට ගිය ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔරායන්’ ගගන කැප්සියුලය දින 25 ක චන්ද්‍ර මෙහෙයුම අවසන් කරමින් ඊයේ (11) පැසිෆික් සාගරයට පතිත වුණා.
ඒ, පැයට කිලෝ මීටර් 40,000 ක වේගයකින්.
එය පෘථිවි වායුගෝලයට පිවිසී ගිනිගෙන දැවෙමින් වේගයෙන් පහළට ආ කැප්සියුලයේ ගමන් වේගය අඩාල කරමින් සෙමින් සාගරයට පතිත කිරීම සිදුවූයේ යෝධ පැරැෂූට් ආධාරයෙන්.
එම කැල්සියුලය යළි භාවිතයට ගැනීම සිදු කෙරෙනවා.
‘ඔරායන්’ ගගන කැප්සියුලය සඳ බලා ගියත්, සඳට ගොඩබෑවේ නැත.
එය සඳුගේ කක්ෂයේ රැඳී සිටිමින් ආපසු පෘථිවිය බලා පැමිණියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |