මෝදි ගේ ට්ව්ටර් ගිණුම ට හැකවරුන් රිංගා කරපු දේ මෙන්න.

India Sri Lanka Twitter American Narendra modi
By Aruna Dec 12, 2021 05:19 AM GMT
Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබේ.

අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නැමැති මුදල් ඒකකය පිළිබඳ පණිවිඩයක් මුදා හැර ඇති බව වාර්තා වේ.

මේ වන විට ගිණුම යථා තත්ත්වයට පත්කර ආරක්ෂාව තහවුරු කර ඇත.

නරේන්ද්‍ර මෝදි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගිණුම පාලනයෙන් ගිලිහී තිබූ කාලය තුළ ඒ හරහා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩ නොසලකා හරින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now