කුණු එකතු කරන ඉන්දීය අගමැති. (PHOTOS)

Narendra Modi India
By krishani Oct 01, 2023 04:36 PM GMT
Report

"Swachh Bharat Abhiyan - Clean India Mission" නම් ඉන්දියාව පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා අද (01) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද සහභාගී වීය.

ඉන්දියාවේ ප්‍රසිද්ධ ශරීර යෝග්‍යතා ක්‍රියාකරුවෙකු වන අංකිත් බයියන්පුරියා සමඟ අග්‍රාමාත්‍යවරයා මේ සදහා එකතුව පරිසරය සුද්ද පවිත්‍ර කළේ ය.

අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ අංකිත් සමඟ පරිසරය පිරිසිදු කළ විඩියෝ පටයක් ද පළ කර තිබෙනවා.

එහිදී ඒ මහතා පවසා ඇත්තේ,අද දිනයේ සියලුදෙනා පිරිසිදු කිරීම කෙරෙහි අවධානය යොමු කළ බවත්, තමන් සහ අංකිත් ද එය සිදුකළ බවත් ය.

එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පිරිසිදු කිරීමෙන් ඔබ්බට ගොස් එය ශරීරයේ යෝග්‍යතාවය වැඩිදියුණු කර ගැනීමට ද යොදා ගත යුතු බවයි.

කෙසේ වෙතත්, ඉන්දියාව පිරිසිදු කිරීමේ මෙහෙයුම "Swachh Bharat Abhiyan" පළමුවෙන් ආරම්භ කර ඇත්තේ 2014 වසරේ ඔක්තෝම්බර් මස 02 වන දා වේ.

එයට සමගාමිව අද දවසේ ඉන්දියාවේ විශේෂ පිරිසිදු කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ.

GalleryGalleryGallery