මෝදිට එරෙහිව විශ්වාසභංගයක්?.

Prime minister Narendra Modi Government Of India India
By krishani Jul 26, 2023 11:46 AM GMT
Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව විශ්වාසභංගයක් එරට පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඉන්දීය විපක්ෂ දේශපාලන කණ්ඩායම් සූදානම් වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ මනිපූර් ප්‍රාන්තයේ වාර්ගික ගැටුම් උත්සන්න වීමත් සමඟයි.

පසුගිය මැයි මාසයේ එරට වාර්ගික ගැටුම් ආරම්භ වූ අතර අග්‍රාමාත්‍යවරයාගේ භාරතීය ජනතා පක්ෂය මනිපූර් ප්‍රාන්තයේ බලයේ රැදී සිටින්නේ.

මේ වනවිට එම වාර්ගික ගැටුම් හේතුවෙන් 130 දෙනෙක් මියගොස් 60,000 කට නිවාස අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය පාර්ලිමේන්තුවේ ආසන 542 ක් ඇති අතර එයින් ආසන 301ක් අග්‍රාමාත්‍යවරයාගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට ඇත.