ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ කිසිදා අමතක නොවන ගමන.

Prime minister Narendra Modi Government Of India India
By krishani Jul 15, 2023 07:27 AM GMT
Report

ප්‍රංශයේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වූ අතර එය අවසන් කර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන්නේ සිය ප්‍රංශ සංචාරය කිසිදා අමතක නොවන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, බැස්ටිල් දින සැමරුම් උත්සවයට සහභාගී වූ බැවින් මෙම ප්‍රංශ සංචාරය තමන්ට වඩාත් විශේෂ වූ බවයි.

කෙසේ වෙතත්, ප්‍රංශ ජනාධිපතිවරයාගේ සහ ප්‍රංශ ජනතාවගේ උණුසුම් පිළිගැනීම සහ ආගන්තුක සත්කාරය වෙනුවෙන් තමන් ඔවුන්ට කෘතඥතාව පළ කරන බව ද ඒ මහතා කියා සිටියේ ය.

එමෙන්ම එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රංශ ජනාධිපතිවරයා වෙත සඳුන් දැවයෙන් නිර්මාණය කළ සිතාරයක් ද තෑගි කර තිබෙනවා.