රදැල්ල මාරක අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු අද

Nuwara Eliya Accident
By Sewvandhi Jan 21, 2023 07:59 AM GMT
Report

නුවරඑළිය, නානුඔය - රදැල්ල කෙටි මාර්ගයේදී ඊයේ (20) සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) සිදු කිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය.

ඒ අනුව හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී අද පස්වරුවේ ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත. 

අනතුර සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල්වල සුදු කොඩි ඔසවා තිබූ බවද වාර්තාකරු පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 13ක පිරිමි ළමයෙක් සහ වයස අවුරුදු 12 සහ 08 යන වයස්වල පසුවූ ගැහැණු ළමුන් දෙදෙනක් බවයි පොලිසිය වැඩිදුරත් වාර්තා කරන්නේ.

මීට අමතරව තවත් සිව්දෙනෙක් මෙම අනතුරුන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් වයස අවුරුදු 26, 27 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස නානුඔය සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 07ක් බව පොලිසිය සඳහන් කරන අතර, තුවාල ලැබූ 53 දෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුළත්කර ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now