පාසල් ළමුන් රැගෙන ගිය බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - පුද්ගලයින් 7ක් ජිවිතක්ෂයට - නවතම තත්ත්වය මෙන්න..(PHOTOS)

Nuwara Eliya Accident
By Sewvandhi Jan 20, 2023 02:31 PM GMT
Report

UPDATE 

නානුඔය - රදැල්ල බෑවුම් ප්‍රදේශයේ දී මීට ටික වේලාවකට (20) පෙර බස් රියක් සහ වෑන් රියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බවට රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා. 

 මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෑන් රියෙහි පැමිණි සාමාජිකයින් 6 ක් සහ රෝද රථයේ පැමිණි එක් පුද්ගලයෙකු  බවයි වාර්තා වන්නේ.

අනතුරින් පුද්ගල‍යින් 51 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

........................................................................................

නුවරඑළිය - නානුඔයේ දී මීට ටික වේලාවකට (20) පෙර මාරක අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.

අනතුරින් පුද්ගලයින් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර, ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ. 

 කෙසේවෙතත් එම ස්ථානයට මේ වනවිට ගිලන් රථ පැමිණ තුවාල ලැබූවන් රෝහල්ගත කෙරෙමින් සිටින බවත් වාර්තා වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ පවුලේ චාරිකාවකට එක් ව සිටි පිරිසක් රැගත් වෑන් රියක් බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය - නානුඔය මාර්ගයේ බස් රථයකට ගමන් කිරීමට ඉතා අපහසු රදැල්ල බෑවුම් පෙදෙසින් දික් ඔය දෙසට අදාළ බස් රථය වේගයෙන් පැමිණීමත් සමග, බෑවුම් ප්‍රදේශයේ දී බස් රථයෙහි තිරිංග යෙදීමට රියදුරු උත්සාහ කළ ද, තිරිංග එහි අක්‍රීය වී ඇති බවයි දැනට ලැබෙන ආරංචි මාර්ගවලින් අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 31 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery