ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය ගැන මහ බැංකු අධිපතිගෙන් දැනුම්දීමක්

Nandalal Weerasinghe IMF Sri Lanka
By Sithumi Mar 09, 2023 03:05 PM GMT
Report

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමෝපාය අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනයට පෙර වාණිජ ණය හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා වේගවත් කිරීමටත් අපේක්ෂා කරන බවයි රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමට අදාළ මාණ්ඩලික මට්ටමේ එකඟතාවය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වී තිබෙනවා.